Monday, August 20, 2012

අනේ!!! පරසතූ........

මෙයට ඌන පූර්ණ නැත.



සිත මත          සිතූ
පැතුමකි         පැතූ
මා දිනිය         යුතූ
පෙමකි නුඹ    සතූ

එදා, අද,         මතූ
නුඹ පිදිය        යුතූ
නැතත් රන්     මුතූ
පෙමක් මා      සතූ

හදවතේ        රතූ
නුදුටු ඔය    නෙතූ
මලෙකි දෙවි  සතූ
අනේ!!      පරසතූ


.......බඩා.............

Sunday, August 19, 2012

මිහිදන් කල මැන මා ගැන මතකය........!!!

නුඹ මා අමතක කරන්නට උත්සහ කරන බව මම දනමි.....මා කෙතරම් සැඟවීමට උත්සහ කලත්, මා නුඹට  පෙම් කල බව මොහොතකට හෝ නුඹට දැනුන බව මම දනිමි.....

මම නුඹේ වතින් නුඹේ මුලු හිතම කියවීමි.... එය සුන්දරය....වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය සුන්දරය......විටෙක නුඹේ වතට වඩා නුඹේ සිත මට සුන්දර වූවා යැයි කීවොත් මා නිවැරදිය....

මට නුඹ ගැන මතකය අමතක කල නොහැක....නමුත් මා පිලිබඳ මතකය නුඹට අමතක කල හැකි බව නම් මම ඉඳුරාම දනිමි.....

නොබෝ දිනකින් නුඹ මා ගැන මතකය මිහිදන් කරනු ඇත....සුන්දරත්වය නම් වූ දෙයක් නැති මානයක් මම නුඹේ හදවත තුල නොදුටුවෙමි.....කෙසේ උවද නුඹට හැකිතාක් අසුන්දර මානයක මගේ මතකය මිහිදන් කල මැනවි......


මෙලොව ඇති සියළු සුන්දර දේ නුඹ නමින් උපමා කල මට, දකින සියළුම සුන්දරවූ දසුනක් දසුනක් පාසාම, නුඹේ මතකය යලි යලිත් ඉපැදීම වැලැක්විය නොහැක...

ඉදින්,,,, මිහිදන් කල මැන මා ගැන මතකය..!!!!!!!!!!

හිරු රැස් ඇවිදින්
ලියලා ගහ කොළ
පුබුදා මල් තව
නුඹ සිහි කරවයි.......

මිහිදන් කල මැන
මා ගැන මතකය
හිරු රැස් නොගැටෙන
අඳුරු නිම්නයෙක........

පෙරදා සඳ දැක පැතූ පැතුම් සඳ එලිය           තරම්.....
මා නුඹ පිලිබඳ ඇඳි සිතුවම් නිල් අහස          තරම්.....
පින්බර නුඹෙ හිත තුලවත් ඉන්නට නැතිද..? වරම්......
මිහිදන් කල මැන මා මතකය යලි නොඑන    තරම්......

මිහිදන් කල මැන....මා ගැන මතකය..........

සිසිලැති උණුසුම් මේ හැම දේ නුඹ නමට      උවම්.....
නුඹ ගැන මතකය ගෙන දේ තව තව හිතට     රිදුම්......
තනිකම හැමදා ගෙන එන මුත් මා හට      සැනසුම්.......
මතකය සතුරුව හද විල මත බිඳවයි           ගිවිසුම්......

..............................බඩා.............................

Friday, August 17, 2012

සිහිනෙන් ඇවිත්......


දිනක් සිහිනයෙන් ඇය ඔහුව හමුවිය...පසු දින දවස මුළුල්ලේම පැරණි මතකයන් ඔහු රිදවීය...

ඇය කෙදින හෝ මුනගැසෙන බව ඔහු දනී... ඇය ඔහු සතු නොවන බවත් ඔහු දනී...ඇය මේ ලොව ඔහු දුටු සුන්දරම යුවතිය නොවීය...නමුත් කිසිවෙක්ට විස්තර කොට ප්‍රකශ කළ නොහැකි තරමේ සුන්දරත්වයක් ඇය සතුව තිබූ බව පමක් ඔහු දනී...එය හුදු බාහිර ස්වරූපයම පමනක් නොවේ...එ හා මුසුව ඇති හදවතේ සුන්දරත්වයයි....

ඔහු තවමත් පෙම් කරයි...නමුත් ඇය අන් සතුය...

නොබෝ දිනකින් ඔහුට ඇයව මුනගැසෙනු ඇත... නමුත් ඇයට ඔහු තවත් එක් ආගන්තුකයෙක් පමණි... එදා ඔහුට ආගන්තුක වූ ප්‍රේමයට ඔහු ඔහුගේම හදේ නවතැන් දුන්නේය...නමුත් ඔහුගේ හද නවතැන් ගන්වීමට ඇය අපොහොසත්ය....

ඉදින් ඇයට ආගන්තුක ඔහු....., සහ ඔහුට ආගතුක ප්‍රේමය කෙදින උනුන් හැඳින ගනීද....?????


සිහිනෙන් ඇවිත්...
දෙනෙතේ වෙලී....
මහදේ රැඳී....
නුඹ සිටියා රැයක්.....
හැබැහින් ඇවිත්....
දෑතේ වෙලී....
පහසේ රැඳි....
නුඹ සිටියොත් පැයක්...

කල්පයකින් නොදුටුව නිල්මිණි            දෑසේ...
සැතපෙන්නට නිල් දිය මත නෙළුමක්      සේ..
නුඹ එනවද...? හෙට හවසට මල්       වැස්සේ...
මම ඉන්නම් මල් වැට ලඟ තණ          බිස්සේ...

නොදොඩා මුවින් මා හා ගොළුවෙක්        සේ...
නෙතඟින් වදන් තෙපලනු හොර        රහසේ....
ඇවිදින් ගියොත් මොහොතක් හෙට    දවසේ...
නුඹ මගෙ නොවේ නුඹ සඳ දුර           අහසේ....


......................බඩා................................