Tuesday, August 6, 2013

තනි තරුව...........


ප්‍රේමයට විකල්පය තවත් ප්‍රේමයක්ම යැයි කෙනෙක් පවසද්දී, සිත සොරා ගත් නුඹට විකල්පයක් සෙවීමට මම බොහෝ කල් වෙහෙසුනෙමි........ නුඹට සමකල හැකි කිසිවෙක් මට හමුවුණි නම්කොතරම් අගනේ දැයි අදටත් මම මගෙන්ම අසන පැනයයි...


 

නිදිගත් පසු  සිහිනයෙන් නුඹ එන බව දැන දැනත්, නෙතු නිදි වැරූ රාත්‍රියක තරුවක් හා බෙදාගත්, නුඹ නැති ජීවිතයේ අරුමය.................

අහසේ ඉඳන් තනි තරුවක්
මා හා දෙඩුවා රෑ වරුවක්
නින්දක් නො ඒ මට තවමත්
නුඹ ඈතට වෙලා ඉන්න තරමක්.........

රෑ සිහින හිමිකමත් අහුරන්
නිදි වරණ නෙතු අගට රහසින්
පැතුමක් වෙලා එන්න බැරි නම්
කඳුලක් වෙලා ඉන්න එහෙනම්.........

ලං වෙන්න බැරි තරම් දුරකින්
නුඹ ඉන්නෙදැයි කෝම පවසන්
නුඹ කඩා වැටෙන තුරු අහසින්
මම මග බලා ඉන්නෙ පවසින්..........

...............බඩා...............................