Monday, April 7, 2014

පිසලන් නෙතේ මගේ කඳුළු....!!!!!



                 ප්‍රේමය පරාජිත හෝ අපරාජිත වන්නේ හුදෙක් පෙම්වතුන්ගේ සිතුම් පැතුම් නිසා නොව, සමජය ඉදිරියේ නිර්මාණය වන එකිනෙකාට අනන්‍ය වු චරිත/ප්‍රතිරූප තුලය. හිමිවීම අවසානය කොටගත් ප්‍රේමයේ බොලඳ බව ඉතාමත් අමිහිරි අත්දැකීමක් සේ කල් යත්ම බොහෝ පෙම්වතුන්ට පසක්වේ......

1.) හිමිවීමම අවසානය නොවූවද ප්‍රේමය කිසේත්ම වර්ජනය කිරීමට පෙලඹෙන්නේ කවුරුන්ද.....?????

2.) නන් අයුරින් සළු පිළි ඇන්ඳු ආදරය ඔබ නිරුවත් කර තිබේද....????

රසවිඳිම නම් වූ බොලඳ අකෘතිය තුලම පමනක් ප්‍රේමය විඳිමට ඔබ වගබලගත යුතුය. නැතිනම් එය තවත් එක් විහිළුවක්ම පමනක් වනු ඇත......!!!!!




අමිහිරි ප්‍රේමය නිරුවත් නොකරම බොලඳ ආදරය උදෙසා නැවතත් පන්හිඳ අකුරු කළෙමි.........!!!!!!!

පිසලන් නෙතේ මගේ  කඳුළු....!!!!!

ඇවිදින්නට        තෙරක් නොමැති මාවත්        දිගේ
විඳගන්නට        බිඳක් සුසුම් උණුසුම              ඔබේ
සැනසෙන්නට   නැතත් සසර සැනසුම           මගේ
හිමිවෙන්නෙම   නැතත් සොඳුරු හිමිකම        අගේ

නෙතු                          පවුරූ
පලා                            ඉහිරූ  
ඇයි මේ තරම්              රුදුරු....??? ..........කඳුළු............!!!!!
සරදම් එපා මගේ          සොඳුරු......

සවි                             බිඳලූ
යදම්                           බැඳලූ
කොයිබද සුපෙම් තල   සඳළු......?????
පිසලන් නෙතේ මගේ  කඳුළු....!!!!!
 



....................බඩා.................








Sunday, March 9, 2014

දොඩමළු දෑස......!!!!!


දොඩමළු දෑස......!!!!!

ගිම්හානයේ දු‍ටුව සිහිනයට වස්සානයේදී අත වැනුවෙමි...... පුදුමයකි...!!!!! හිරු සඳු, ගහ කොළ ආදී වුන් පමණක් මා හා බෙදාගත් ප්‍රේමය සැබැවින්ම බෙදගැනීමට ඇය පැමිණ ඇත. සිහිනයෙන් පමනක් දොඩමළුවූ ඒ දෑස, මා දෑස අභියස දඟකාර ලෙස අතොරක් නැතිව පවසන වදනින් මා යලි යලිත් උපදින බව නොසඟවා කිව යුතුමය.




ඉදින්.. වස්සානයේ හමුවු දොඩමළු දෑස පිලිබඳ මේසේ ලියමි..........................

ඉඳුනිල් දෑසේ දිදුලන....
දෙතොලග මදහස තෙරපන....
ප්‍රේමයේ තිලිණ පොදි බැඳන්
මා වෙත සපැමින....
සිහිනෙකි නුඹ ගිම්හානයෙ නුදු‍ටුව
මා සිත සනසන.....

සීතල කඳුලින් මුදා
දෑසම පැතුමින් පිරූ........
හාදු මල් වැසි වසී
දෙකොපුල උණුසුම තැවරූ.....

ජීවිතේ
රළු මාවත් සැරී
නුඹේ උණුසුමින්
යලි යලි උපදිමී
ආදරෙන්.............

උණුසුමේ
නුරා දෑසේ පැටලී
නෙතු පෙළූ සිහිනය
යලි යලි දැකගමී
ආදරෙන්............

.........බඩා........