Sunday, March 9, 2014

දොඩමළු දෑස......!!!!!


දොඩමළු දෑස......!!!!!

ගිම්හානයේ දු‍ටුව සිහිනයට වස්සානයේදී අත වැනුවෙමි...... පුදුමයකි...!!!!! හිරු සඳු, ගහ කොළ ආදී වුන් පමණක් මා හා බෙදාගත් ප්‍රේමය සැබැවින්ම බෙදගැනීමට ඇය පැමිණ ඇත. සිහිනයෙන් පමනක් දොඩමළුවූ ඒ දෑස, මා දෑස අභියස දඟකාර ලෙස අතොරක් නැතිව පවසන වදනින් මා යලි යලිත් උපදින බව නොසඟවා කිව යුතුමය.




ඉදින්.. වස්සානයේ හමුවු දොඩමළු දෑස පිලිබඳ මේසේ ලියමි..........................

ඉඳුනිල් දෑසේ දිදුලන....
දෙතොලග මදහස තෙරපන....
ප්‍රේමයේ තිලිණ පොදි බැඳන්
මා වෙත සපැමින....
සිහිනෙකි නුඹ ගිම්හානයෙ නුදු‍ටුව
මා සිත සනසන.....

සීතල කඳුලින් මුදා
දෑසම පැතුමින් පිරූ........
හාදු මල් වැසි වසී
දෙකොපුල උණුසුම තැවරූ.....

ජීවිතේ
රළු මාවත් සැරී
නුඹේ උණුසුමින්
යලි යලි උපදිමී
ආදරෙන්.............

උණුසුමේ
නුරා දෑසේ පැටලී
නෙතු පෙළූ සිහිනය
යලි යලි දැකගමී
ආදරෙන්............

.........බඩා........


No comments:

Post a Comment