ආයෙත් මට මොනවා හරි ලියන්න හිතුනා......වසන්තය ලඟ පාත බව දැනිච්ච නිසා වෙනදට වඩා වෙනස් හැඟීමක් සුපුරුදු අකුරු වලින්ම ලිව්වා....
එදා ඉර බහින්න වෙනදට වඩා වෙලා ගියා වගේ මට දැනුනා...... ඒ ඇයි කියල දන්නෙ ඉර විතරයි කියල තමයි මටනම් හිතෙන්නෙ.... ඒ කොහොම උනත් ඒක මහා පුදුමාකාර හැන්දෑවක්......
හිරුත් නොගිලී සමුදුරේ....
ක්ෂිතිජයට තරවටු කරන්...
නුඹත් මා මුන
ගැසෙන තුරු
මෙතුවක් බලා සිටියා.........
සයුරු රළ සිප.....
හමන මද නළ......
නුඹේ වත වැද.......
මගේ මුව සිප ගනිද්දී.........
නුඹ සුළඟ දෝ මට සිතුනා...............
සිතග ඉපදෙන......
හඟුම් එකිනෙක.....
නෙතින් ගිලිහී.......
මගේ හද විනිවිදිද්දී........
නුඹ මගෙම බව මට දැනුනා..................
..................බඩා................................
No comments:
Post a Comment