මෙයට ඌන පූර්ණ නැත.
සිත මත සිතූ
පැතුමකි පැතූ
මා දිනිය යුතූ
පෙමකි නුඹ සතූ
එදා, අද, මතූ
නුඹ පිදිය යුතූ
නැතත් රන් මුතූ
පෙමක් මා සතූ
හදවතේ රතූ
නුදුටු ඔය නෙතූ
මලෙකි දෙවි සතූ
අනේ!! පරසතූ
.......බඩා.............
Monday, August 20, 2012
Sunday, August 19, 2012
මිහිදන් කල මැන මා ගැන මතකය........!!!
නුඹ මා අමතක කරන්නට උත්සහ කරන බව මම දනමි.....මා කෙතරම් සැඟවීමට උත්සහ කලත්, මා නුඹට පෙම් කල බව මොහොතකට හෝ නුඹට දැනුන බව මම දනිමි.....
මම නුඹේ වතින් නුඹේ මුලු හිතම කියවීමි.... එය සුන්දරය....වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය සුන්දරය......විටෙක නුඹේ වතට වඩා නුඹේ සිත මට සුන්දර වූවා යැයි කීවොත් මා නිවැරදිය....
මට නුඹ ගැන මතකය අමතක කල නොහැක....නමුත් මා පිලිබඳ මතකය නුඹට අමතක කල හැකි බව නම් මම ඉඳුරාම දනිමි.....
නොබෝ දිනකින් නුඹ මා ගැන මතකය මිහිදන් කරනු ඇත....සුන්දරත්වය නම් වූ දෙයක් නැති මානයක් මම නුඹේ හදවත තුල නොදුටුවෙමි.....කෙසේ උවද නුඹට හැකිතාක් අසුන්දර මානයක මගේ මතකය මිහිදන් කල මැනවි......
මෙලොව ඇති සියළු සුන්දර දේ නුඹ නමින් උපමා කල මට, දකින සියළුම සුන්දරවූ දසුනක් දසුනක් පාසාම, නුඹේ මතකය යලි යලිත් ඉපැදීම වැලැක්විය නොහැක...
ඉදින්,,,, මිහිදන් කල මැන මා ගැන මතකය..!!!!!!!!!!
හිරු රැස් ඇවිදින්
ලියලා ගහ කොළ
පුබුදා මල් තව
නුඹ සිහි කරවයි.......
මිහිදන් කල මැන
මා ගැන මතකය
හිරු රැස් නොගැටෙන
අඳුරු නිම්නයෙක........
පෙරදා සඳ දැක පැතූ පැතුම් සඳ එලිය තරම්.....
මා නුඹ පිලිබඳ ඇඳි සිතුවම් නිල් අහස තරම්.....
පින්බර නුඹෙ හිත තුලවත් ඉන්නට නැතිද..? වරම්......
මිහිදන් කල මැන මා මතකය යලි නොඑන තරම්......
මිහිදන් කල මැන....මා ගැන මතකය..........
සිසිලැති උණුසුම් මේ හැම දේ නුඹ නමට උවම්.....
නුඹ ගැන මතකය ගෙන දේ තව තව හිතට රිදුම්......
තනිකම හැමදා ගෙන එන මුත් මා හට සැනසුම්.......
මතකය සතුරුව හද විල මත බිඳවයි ගිවිසුම්......
..............................බඩා.............................

Friday, August 17, 2012
සිහිනෙන් ඇවිත්......
දිනක් සිහිනයෙන් ඇය ඔහුව හමුවිය...පසු දින දවස මුළුල්ලේම පැරණි මතකයන් ඔහු රිදවීය...
ඇය කෙදින හෝ මුනගැසෙන බව ඔහු දනී... ඇය ඔහු සතු නොවන බවත් ඔහු දනී...ඇය මේ ලොව ඔහු දුටු සුන්දරම යුවතිය නොවීය...නමුත් කිසිවෙක්ට විස්තර කොට ප්‍රකශ කළ නොහැකි තරමේ සුන්දරත්වයක් ඇය සතුව තිබූ බව පමක් ඔහු දනී...එය හුදු බාහිර ස්වරූපයම පමනක් නොවේ...එ හා මුසුව ඇති හදවතේ සුන්දරත්වයයි....
ඔහු තවමත් පෙම් කරයි...නමුත් ඇය අන් සතුය...
නොබෝ දිනකින් ඔහුට ඇයව මුනගැසෙනු ඇත... නමුත් ඇයට ඔහු තවත් එක් ආගන්තුකයෙක් පමණි... එදා ඔහුට ආගන්තුක වූ ප්‍රේමයට ඔහු ඔහුගේම හදේ නවතැන් දුන්නේය...නමුත් ඔහුගේ හද නවතැන් ගන්වීමට ඇය අපොහොසත්ය....
ඉදින් ඇයට ආගන්තුක ඔහු....., සහ ඔහුට ආගතුක ප්‍රේමය කෙදින උනුන් හැඳින ගනීද....?????
සිහිනෙන් ඇවිත්...
දෙනෙතේ වෙලී....
මහදේ රැඳී....
නුඹ සිටියා රැයක්.....
හැබැහින් ඇවිත්....
දෑතේ වෙලී....
පහසේ රැඳි....
නුඹ සිටියොත් පැයක්...
කල්පයකින් නොදුටුව නිල්මිණි දෑසේ...
සැතපෙන්නට නිල් දිය මත නෙළුමක් සේ..
නුඹ එනවද...? හෙට හවසට මල් වැස්සේ...
මම ඉන්නම් මල් වැට ලඟ තණ බිස්සේ...
නොදොඩා මුවින් මා හා ගොළුවෙක් සේ...
නෙතඟින් වදන් තෙපලනු හොර රහසේ....
ඇවිදින් ගියොත් මොහොතක් හෙට දවසේ...
නුඹ මගෙ නොවේ නුඹ සඳ දුර අහසේ....
......................බඩා................................
Saturday, July 28, 2012
නංගියේ.......
ගෙන්දගම් පොලවේ පය ගැසූ අයියලා තම සහෝදරියන් ගැන බිය වෙති. ඔවුන් මල් වැනිය...අහිංසකය....සියුමැලිය...අයියලා එසේ නොසිතන්නේ නම් එය මහා පුදුමයක්මය....
සහොදරියෝ හරිම හුරතල්ය....ඔවුන්ගේ කෙළි කවටකම් වලින් පිරුණු ලෝකය ළමා අවධියේ වුවද තරුණ අවදියේ වුවද වෙනසක් නොවේ....තමන් මලක් සේ රකින තම නැගණියට සමජයේදි අසධාරණයක් සිදුවේය යන පොදු බිය, සියලූම සහෝදරයන්ගේ සිත් තුල සැඟවී පවතින කරුණකි....... තවද තම නැගණිය වෙනත් තරුණයෙකුට පෙම් කරන දින තමන්ට ඇති ආදරය අඩුවේය යන පුහු බිය මුසු ඉරිසියාවද අයියලාගේ ආදරය තවත් තීවෘ කරයි......
නංගිලා ඇති අයියලාගේ හැගීම්....නංගියෙක් නැති බඩා මෙසේ කවිකම් කරයි....!!!!!
දඟකාර කමට හිටියට...
කටකාර කමට දෙඩුවට...
නංගියේ.......
නුඹ නොදන්න දේ බෝමයි....
හුරතල් තාලෙට හිටියට...
හිතුවක්කාර උනොතින්....
නංගියේ.......
නුඹ යා යුතු මග වරදි.......
කටු අකුලේ
අත පොවනු බැරි දුරින්
කල්පයක් පෙරුම් පුරලා
ගස පුබුදන මල නුඹ....
පියඹලා නුඹට ලංවෙන....
නුඹ තලලා රිදවන.....
බඹරිඳු කෙලෙසද.? නවතන්නේ මම....
මල් කුලයේ
හෙට දවස සදන්නට
සදෙව් ලොවින් වැඩලා
මිහිපිට පිබිදුනු නුඹ....
සනහලා බඹර කුලයම...
සනහලා පොලෝ තලයම...
මගෙ නෙත් මානේ ඵල දරපන්......
..................බඩා.....................

Thursday, July 26, 2012
මම පෙම්වතෙක් නොවුනා නම්....
පෙම් කළ උන්ට, උනුන් මුනගැසෙන්නේද.......?? එක්වීම හෝ වෙන්වීම යන දෙ අන්තය තුල ඔවුන්ගේ ඉරණම විසඳේ........ නමුත් යමෙකුට තමන් පෙම් බැඳි දා විඳි අත්දැකීම් අමතක කළ හැකිද..??
දුක, වේදනාව, සතුට, පසුතැවීම, ආදි කොටගත් සවිඥ්ඥානික හැඟීම් තුල සිරවී පෙම් බැඳි අතීතය කිසිවෙකුටත් අමතක නොවේ.
එදා ඔහු පෙම්වතෙකි.... අද ඔහු සැමියෙකි....නමුත් ඔහුගේ පෙම්වතිය ඔහුගේ බිරිඳ නොවීය....
එදා ඇයට දුන් කඳුලු, ඇයගෙන් ඇසූ බැනුම්....ඇයට දුන් සිනහව, අයගෙන් ලැබූ අභිමන්....ඔහු හා ඇය රසවිඳි අතීතය ඔහුට අදද මතකයට නැගේ....ඇයගෙන් වෙන්වීම තුල අවශේෂවූ පසුතැවීම, ඔහු නැවත පෙම්වතෙක් වීම සදකාලිකව වලකනු ඇත.........!!!!!!!!!!
මම පෙම්වතෙක් නොවුනා නම්....
නුඹේ සුසුම් ගැන නොසිතා...
මල් සුවඳ විඳින්නට තිබුනා.....
නුඹේ දෙනෙත් ගැන නොසිතා....
තරු එළිය දකින්නට තිබුනා.......
මම පෙම්වතෙක් නොවුනා නම්....
නුඹේ කඳුළු ගැන නොසිතා.....
වැහි දියේ තෙමෙන්නට තිබුනා....
නුඹෙ බැනුම් ගැන නොසිතා....
ගෙරවුම් විඳගන්නට තිබුනා...
මම පෙම්වතෙක් නොවුනා නම්....
නුඹේ උවන ගැන නොසිතා.....
සඳවත දැකගන්නට තිබුනා....
නුඹේ දෙතොල් ගැන නොසිතා....
මට ඇය සිපගන්නට තිබුනා.....
මම පෙම්වතෙක් නොවුනා නම්....
................බඩා.......................
Sunday, July 22, 2012
පිච්ච මලේ..........
ප්‍රේමයට පන්ති භේදයක් නැත. නමුත් පෙම්වතුන් එක් වීමට පන්ති භේදයක් නොතිබිය යුතුය. දුප්පත්, පෝසත්, කුල, මල, ජාති, ආගම් ආදිය ප්‍රේමයේ සදාතනික සතුරෝය.
උඹ පිච්ච මලක් වගේ......ලස්සනයි....අහිංසකයි....සුවඳයි....
ගිනි මද්දහනේ දුක් විඳින දුප්පතුන්ට, රාත්‍රියේ සැපට පිපෙන පිච්ච මල් උරුම නැත.
සඳ එළිය ගත සනසයි...හිරු ගත දවයි....පිනි බින්දු ගත නැවුම් කරයි...දහදිය ගත අපුල කරයි...පිච්ච මල් නම් දහවලට නොපිපෙන්නේමය. ඉදින් නුඹ ගැන තවත් සිහින දැක පලක් නැත.
පොදු වූත් සමාන වූත් රතු රුධිරයක අසමාන කම් දකින නරයින්ගේ ප්‍රේම වෘතාන්තය......
පිච්ච මලේ
උඹ රෑටම පිපීයන්...
ගිනි මද්දහනේ ඇවිලෙන
හිතේ ගින්න නොපෙනෙන්නට....
පිච්ච මලේ
උඹ රෑටම පිපීයන්...
අව්ව සැර වැඩී
සඳ එළිය සේ නැති...
සුලඟ ගිනිගනී
මද පවන සේ නැති....
උඹ පිපී ඇති
රෑ මට නින්ද නැතී...
සිහිනයේ එතී
මුදු සුවඳ නොනවති...
යටි හිතෙ හරී
උඹ ඉන්ටෙපා වෙලී...
සිපගන්න බැරී
මම අසරණයි හරී...
...............බඩා..............

Friday, July 20, 2012
නුඹ නැති එකම එක කවිය........
මම ගී ලීවෙමි..... කවි ලීවෙමි....... දිනක් මා මටත් නොදැනුවත්වම මම ලියූ ගීත සිතින් මෙනෙහි කළෙමි. පුදුමයකි!!!!....... මා ලියු සෑම ගීතයකම එක් වචනයක හෝ නුඹේ මතකය දැවටී ඇත.... මා එය සිතා මතා නොකලැයි මම බොරු නොකියමි. මට සමාවුව මැනවි.... මගේ ආදරය නුඹ නමින් කවි කළ මට සමා වුව මැනවි....
සමනළ යුගයේ ප්‍රේමය ප්‍රකශ කරගනු බැරි වූ, ඒක පාර්ශවික ප්‍රේමවන්තයා, තවත් එක් යුගයක ඔහුගේ වේදනාව මෙසේ කවිකම් කළේය.
මම නුඹ නො එන බව දනිමි. නමුත්..... නුඹ ගැන කවිකම් නොකරන්නට තරම්....., මගේ හිත...... මටම කීකරු නැත.
ලියා කවි දහසක්...
පුරා පත් ඉරු සහසක්....
පියා නෙත් මොහොතක්...
සොයමි නුඹ නැති එකම එක කවියක්
සැනසෙන්න මොහොතක්.....
වියන සේ පන් පැදුර නෙක හැඩ දමා..
ගොතන සේ ගෙත්තමක් හැඩ වැඩ නිමා...
බඳින පද වැල් නොවී සිතිවිලි පමා...
නුඹ ගැනම වේ කළ මැනවි මට සමා....
පෙමක් පොදි බැඳ හදවතේ හැඩ දමා...
පුදනු පෙර ඉක්මන් වුනේ නුඹ තමා...
රැගෙන ඔහු අත පලා ගොස් නොව පමා...
කළ මැනවි මේ අඳුරු සිහිනය නිමා...
...................බඩා.......................
Subscribe to:
Posts (Atom)