Saturday, July 28, 2012

නංගියේ.......

ගෙන්දගම් පොලවේ පය ගැසූ අයියලා තම සහෝදරියන් ගැන බිය වෙති. ඔවුන් මල් වැනිය...අහිංසකය....සියුමැලිය...අයියලා එසේ නොසිතන්නේ නම් එය මහා පුදුමයක්මය....

සහොදරියෝ හරිම හුරතල්ය....ඔවුන්ගේ කෙළි කවටකම් වලින් පිරුණු ලෝකය ළමා අවධියේ වුවද තරුණ අවදියේ වුවද වෙනසක් නොවේ....තමන් මලක් සේ රකින තම නැගණියට සමජයේදි අසධාරණයක් සිදුවේය යන පොදු බිය, සියලූම සහෝදරයන්ගේ සිත් තුල සැඟවී පවතින කරුණකි....... තවද තම නැගණිය වෙනත් තරුණයෙකුට පෙම් කරන දින තමන්ට ඇති ආදරය අඩුවේය යන පුහු බිය මුසු ඉරිසියාවද අයියලාගේ ආදරය තවත් තීවෘ කරයි......


නංගිලා ඇති අයියලාගේ හැගීම්....නංගියෙක් නැති බඩා මෙසේ කවිකම් කරයි....!!!!!

දඟකාර කමට හිටියට...
කටකාර කමට දෙඩුවට...
නංගියේ.......
නුඹ නොදන්න දේ බෝමයි....
හුරතල් තාලෙට හිටියට...
හිතුවක්කාර උනොතින්....
නංගියේ.......
නුඹ යා යුතු මග වරදි.......

කටු අකුලේ
අත පොවනු බැරි දුරින්
කල්පයක් පෙරුම් පුරලා
ගස පුබුදන මල නුඹ....
පියඹලා නුඹට ලංවෙන....
නුඹ තලලා රිදවන.....
බඹරිඳු කෙලෙසද.? නවතන්නේ මම....

මල් කුලයේ
හෙට දවස සදන්නට
සදෙව් ලොවින් වැඩලා
මිහිපිට පිබිදුනු නුඹ....
සනහලා බඹර කුලයම...
සනහලා පොලෝ තලයම...
මගෙ නෙත් මානේ ඵල දරපන්......

..................බඩා.....................

2 comments:

  1. Bado I really like this, bt i can't find a place to like this... can u provide that facility...

    ReplyDelete
    Replies
    1. මම මේ එවන යු ආර් එල් එකට ගිහින් සින්හලෙන් කමෙන්ටුවක් දාලා ඒක මේල් එකෙන් පොස්ට් කරපන්....http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      Delete