Sunday, July 8, 2012

පෙම්වතා....

කෙනෙක් ප්‍රේමය රාගයෙන් කෙලවර වේ යැයි පවසයි....ඒහි ඇත්ත නැත්ත මා දන්නේ නැත... නමුත් අනුරාගී වු ප්‍රේමය සදාකල් පවතින බව මම විශ්වාස කරමි...හුදෙක් පෙරදිග ප්‍රේමයේ ශෘංගාරයේ රස බැලිමේ සීමාවෙහි අගුළු පලමුව බිඳින්නේ පෙම්වතා යැයි පෙම් නොකල මට හැඟේ...මෙම සිතිවිලි ප්‍රේමය අතරතුරා ඇතිවෙන නැතිවෙන අයුරු මම මෙසේ ලිවීමට උත්සහ කළෙමි.


පෙම්වතිය හා පෙමින් වෙලෙන මොහොතේ පරිසරය නිහඬ සේ පෙම්වතාට දැනෙයි... ඉදින් ඔහුගේ සිතිවිලි ඔහු කෙසේ පෙම්වතියට පවසම්ද..????


ගහ කොළ ඇල දොල නිහඬ වෙලා...
ඔබ හා මා පෙම් කරන තුරා...
මොහොතක් නුඹෙ ලැම මතට වෙලා....
ඉන්ටැයි මගෙ හිත මුකුළු කලා...

ගී මුමුනන රස හුරතල් තාලෙට...
කෙහෙරැලි නටනා සුළඟින්...
මා ලඟ රඳෙනා මේ සුළු මොහොතට....
අදරෙයි ? මං කොතරම්....

මදහස නලියන දෙතොල ලතාවට....
කෙලෙසද ඉන්නේ ඉවසන්....
දෙතොලග මීවිත රස පුරවා විත...
සව්දිය පුරමු ? තහනම්.....

7 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. පෙම්වතිය............ !

    මා සුමිතුරු බඩාගේ අදහසට මා ගරු කරන අතර මාගේ අදහස මා මෙසේ එළි දක්වන්නේ යමක් එකතු කරමින් සහ පෙම්වතාට පිළිතුරක් වශයෙනි.........

    ප්‍රේමයේ අවසානය රාගයද....? රාගයේ අවසානය ප්‍රේමයද....? යන්න මම නොදනිමි. තවද ප්‍රේමය තුල රාගය පැවතිය යුතුමයි යන්නද මා විශ්වාස නොකරමි.... ප්‍රේමය පිලිබඳ මාගේ දැනුම කොතරම්ද යන්න මට ඇති තවත් ප්‍රශ්නයකි...

    මාගේ විශ්වාසය ... රාගය යනු, ප්‍රේමය නම් සප්ත ස්වරයේ එක් ස්වරයක් හෝ ප්‍රේමය නම් සප්ත සාගරයේ දිය දෝතක් පමණි... තවත් විටෙක ප්‍රේමය යනු එක්තරා ගණුදෙනුවකි..(මෙය මාගේ ආදරණීය මාමාගේ අදහසකි නමුත් මම එයට ගරු කරන අතර ඉඳුරා එයට එකඟ වෙමි )ප්‍රේම කිරීම හෝ ප්‍රේමය ලැබීම පෙම්වතා සහ පෙම්වතිය තුල පවතින පොදු කාරණාවකි...
    ප්‍රේමය වූ කලී එය රාගී ගණුදෙනුවක් ද අනුරාගී ගණුදෙනුවක් ද යන්න තීරණය වන්නේ එම ගණුදෙනු කරැවන්ගේ අභිමතයට වන අතර, ගණුදෙනුව සමබර වන සෑමවිටම එය පිවිතුරු වනු ඇත... ප්‍රේමය නම් වූ ගණුදෙනුව සමබර නොවන තාක් එය අන්ථවාදී වන අතර එය එක් ගණුදෙනුකරුවකුගේ පමණක් අපේක්ෂාවන් සංසිඳ වන්නේය..

    ප්‍රේමයෙන් ලද දැනුමට වඩා සමාජයෙන් ලද දැනුම මා මෙසේ ඉදිරිපත් කරන්නේ වර්ථමාන ප්‍රේමය හුදෙක් සමාජය නම් වූ රාමුව තුල දෝලනය වන්නක් බව සඳහන් කරමිනි......

    මා සුමිතුරු බඩාගේ චිත්තයන්හි සිටිනා මේ කියන්නා වූ පෙම්වතා මෙසේ පෙමින් වෙලී සිතනා විට පෙම්වතිය මෙසේ නොසිතයි කියා ඔබට කිව හැකිද.....?????????

    පරිසරයත් නිහඬ වුනා...
    හද රිද්මය දෙගුණ වුනා...
    ඉන්නට ඔබෙ දෙවුර පුරා...
    සිතෙනවා ජීවිතය පුරා....

    ඔබ කියනා ඔය බොලඳ වදන්...
    කිති කැව්වා මගෙ සවන් යුගල්...
    ආදරයේ ඇති මෙවන් සුරල්...
    කියා දෙන්නට දුන්නෙ වරම්....

    ඔබ කරනා මේ ඇරයුම්....
    මම ඉන්නේ හද ඉවසම්....
    සව්දිය පිරුමට තහනම්....
    කිව්වේ කවුරුද මෙතරම්....?????????

    .........සෑම්.........
    (උපුටා ගෑනීම සපුරා තහනම් ඕං...!)

    ReplyDelete
  3. පෙම්වතියද තවත් එක් සත්වයෙකි...ඉදින් ඇයටද පොදු මිනිස් හැඟීම් පහලවීම සාමාන්‍ය දෙයකි...ප්‍රේමය විඳින පුද්ගලයෙක් ලෙස මම ඔබගෙ අදහසට ඉඳුරා ගරු කරමි....

    ReplyDelete
  4. "අගුළු පලමුව බිඳින්නේ පෙම්වතා යැයි පෙම් නොකල මට හැඟේ."

    පෙම් නොකර ප්‍රේමයේ රහස් දන්නේ කොහොමද උඹ?

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මටත් තිබ්බ පැන්යක් ඒක්
    පෙම් පොඩියට හෝ කර ඇති බවක් නම් පෙනේ

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete