ප්‍රේමය සදාකාලික නැත.තවකාලිකද නැත...එය වු කලී හුදු කාලයේ මිම්මෙන් ඔබ්බට පැතිරෙන මනුෂ්‍ය හෝ තිරිසන් සුපහන් විඥ්ඥානයත් සමග ගැටෙන්නවු දෙයකි...එසේම බොරුවට පෙම් කිරීමද, තමා තමාම රවටගනිමක් යැයි නොකියන්නෙ කෙසේද...?
වහසි බස් දොඩමින් අතේ ඇඟිලි ගනනට පෙම්වතියන් එකතුකරන ප්‍රේම රූකඩය කිවිඳෙක් වී ඇත. ඒ උපමා අද කොහිද...? උපමාවට මුවාවෙන් පමාවූ පෙම්වතිය තනි විය....
ආතල් එකට පෙම් කල වුන්ට නොදැනෙන යුවතියගේ/ගැහැණියගේ විලාපය මම මෙසේ ලීවෙමි......
උපමාව........
සැලෙන සිත සයුරකට උපමා කල....
හඬන නෙත ගඟුලකට උපමා කල....
දිලෙන තරු නෙතු යුගට උපමා කල...
කිවිඳ කෝ නුඹ කොහෙද..? මා හැරගිය.......
නුඹේ හැඩි දැඩි
ඇඟිලි තුඩු මගෙ
දෙතොල් මත තියලා.......
පිරිමදි නුඹ
සැලෙන නා දළු
මේ වගේ කියලා.......
නෙතට උනනා
කඳුළු බිඳු මුතු
වලට සමකරලා.......
කඳුළු අතරින්
නුඹේ රුව මට
බොඳවෙලා පෙනුනා.......
No comments:
Post a Comment