Tuesday, July 10, 2012

තව වසන්තයක් ඇවිදින්.......



එක් වසන්තයක් නිමාවිය. ඒ වසන්තයේ නුඹ මා හා බොහෝ දුර ඇවිද ගියේය....අපි මල් පෙති ඇහින්දෙමු. ගීත මිමිනුවෙමු.
ඒ වසන්තයම මට සරදම් කරමින් නැවත උදාවී ඇත... ඔබ මා ඇවිද ගිය මාවත ඔබට මතකද....? නුඹම මට මග පෙන්වු ඒ මාවත..නුඹ දෝතට ගත් මල්පෙති, ගැයු ගීත........ඒ වසන්තයෙදිත් නුඹ හැඬුවා නුඹට මතකද.....????



පසුගිය වසන්තයේ පෙම්සුව විඳි ප්‍රේමවන්තයා මේ වසන්තයේ තනිවී ඇත..පෙර පුරුදු මාවතේ ගමනේ යෙදෙන අව්‍යාජ ප්‍රේමවන්තයා අතීතයේ සිපිරි ගෙය තුල සිරවීම කාට නම් වැලකිය හැකිද..??
ගහ කොළ, ඇල දොල පෙර සේම ඔහුට හිතවත්ය...නමුත් ප්‍රේමය නම් වු සදාකලික යෞවනිය ඔහු හා අමනාපව ඇත....

ඉදින් තවත් එක් ප්‍රේමයේ අඳෝනාවක් මෙසේ ලියමි...  


තව වසන්තයක් ඇවිදින්.....
යා යුතුය නුඹ නැතිව
සඟවමින් හද සුසුම
නුඹම මග කී මාවතේ
සැලෙන තුරු පණ නලම....

වැටුනු මල් පෙති අදත් අහුලමි.....
එදා නුඹෙ මෘදු අත්ල මත රැඳි
සුවය අද නැතිදෝ කියා
මල් පෙතිත් ඇහුවා.....

යනෙන මග තොට ගීත  මුමුනමි.....
එදා නුඹ මුව අගින් පිටවුනු
මිහිර අද නැතිදෝ කියා
සියොතුනුත් ඇහුවා......

තවම මතකය වසන්තය ලඟ......
එදා නුඹෙ නෙතු අගින් පිටවුනු
කඳුලු බිඳුවක දියවෙලා
මගෙ නෙතත් හැඬුවා......

5 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. හැම වසන්තයකටම පස්සෙ ශුෂ්ක කාලෙකුත්,
    හැම ශුෂ්ක කාලෙකටම පස්සේ වසන්ත කාලෙකුත් එනව..!!!!!

    ReplyDelete
  3. වසන්තය එන බව නම් සබෑය. නමුදු පෙර වසන්තයේ මතකයන්ට සමුදීම ඉතා අපහසු කරුණකි. කෙසේ උවද සෑම වසන්තයකදිම නුඹ මට ගෙනා මතකයන් වසන්තයක් සේම මා මතකයේ රැඳි ඇත.

    ReplyDelete
  4. මේ වසන්තයේ පිපි
    නෙක මල්වල පෙති අහුලමින්
    තැවෙන්නේ කිම මිතුර
    ‍පෙර වසන්තයක
    නුඹ හැරදා ගිය
    මල් සුවඳ සිහි කරමින්..

    මේ වසන්තයෙත්
    ඊළඟ වසන්තයෙත්
    මල් පිපෙනු ඇත නුඹ මග දිගට
    ඇස් පියන් ඇර බලනු මැන වටපිට..
    දකින්නට විඳින්නට මල් සුවඳ..

    ReplyDelete
    Replies
    1. work verification අයින් කලොත් කමෙන්ට් කරන්න ලේසි වේවි..

      Delete