Sunday, July 8, 2012

සිනහ මල්.......


ඔබ මෙය නොදන්නවා විය හැක...දන්නවාද විය හැක...මෙය වු කලී මා සුමිතුරු සෑම් විදේශ ගතවු දිනට පසු දා මා අතින් ලියැවුනු පද රචනවකි....ඔහු යන දින මා හට දැනුනු පාළුව කෙසේද යත් රාත්‍රී 2 මම ඔහු සිහිවී නුපුරුදු ලෙස නින්දෙන් අවදි වුයෙමි....ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකී...මට ඔහුගේ පෙම්වතිය සිහිවිය...ඇය ඇගේ කඳුළු සිනහවෙන් සඟවා යවන සුබ පැතුම අලළා මෙම ගීතය ඊට පසු දින රචනා විය....

කඳුළු මල් නෙළාන...
හිඳිමි මග බළාන..
සොඳුර නුඹ ගියාම...
දුර ඈත..

සිනහ මල් නෙළාන...
එන්න මා සොයාන....
නුඹ ඇවිත් ගියාම...
නැහැ සෝක....

සත් සමුදුරෙන් එහාට....
නැව් නගින පාළු රෑක...
මම දුන්නු සිනහ මල් මිට
රෑඳුනවේ නුඹ ගාව.....

නුඹ රැවටුනාද කෝම....
මට පුදුමයි හැමදාම...
මම දුන්නෙ කඳුළු මල් බව
නුඹ දන්නෙම නෑ නේද....?

(උපුටා ගෑනීම සපුරා තහනම්)

2 comments:

  1. සිනහ මලින් පිරැනු කඳුළු වලට කදුළින් පිළිතුරක්.......

    ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි එය මට ඉතා හොඳින් වැටහෙයි...... මා සුමිතුරු බඩාගේ මේ වටිනා පද රචනාවට මාගෙ කෘතගුණ පල කරන අතර මා රටින් පිටවෙන වේලාවේ මාගේ පෙම්වතිය මෙසේ සිතන විට මාගේ සිතිවිලි මෙසේ රචනා වෙන්නේ පිළිතුරක් වශයෙනි.........

    මගේ සිත නොරිදාම...
    ඔබේ කඳුළු සඟවාන...
    ඔබ දුන්නු සිනහාව...
    මට සිහිවෙයි හැමදාම...

    එන්නට සිතෙයි හැමදාම...
    ඔබ ලඟට දුවලාම...
    ඔබ නොමැති පාළුවම...
    දැනෙනවා මට හැමදාම...

    ශක්තියක් විය ඔබේ මල් මිට...
    සත් සමුදුරෙන් එගොඩ වන්නට...
    රන්දමක් වෙයි ඔබේ ආලය...
    උමතුවෙන් මට වෙලී ඉන්නට...

    මගේ හදේ දුක සඟවා...
    කදුළු මල් වල සුවඳ හැමුවා...
    රැවටුනා නොවෙයි මම දුටුවා...
    පුදුමයි ඔබ එසේ සිතුවා.........

    .........සෑම්.........
    (උපුටා ගෑනීම සපුරා තහනම් ඕං...!)

    ReplyDelete
    Replies
    1. මට දෙන්න උත්තර නෑ බන්....මගෙ ඇස් වලට කඳුලු එන්න ලිව්වා...උඹට පින් සෑම්.....මම උඹේ උත්තරය විඳින්නෙ ඕක ලියපු වෙලවෙ හිතපු දේවල් එක්ක.....

      Delete