Saturday, July 7, 2012

යුවතියක් හැඬුවා.......



පෙම්වත නුඹට මතකද....? සඳ එළිය වැටුනු පාළු මාවත අසල නුඹ මා හා තනිව මැවූ ලෝකය...මම තාම එතන....නුඹ කොහිද අද....???





ශෘංගාරයේ රසය වැඩි විප්‍රලම්භයේ බව මෙවන් මොහොතක මට දැනුණි....
 
යුවතියක් හැඬුවා.......

සෙනෙහසක් ලඟ නැවතිලා.....
තව කල්පයක් ඉමි මඟ බලා
හඬන දා කඳුලැළි සලා
නුඹෙ දෙවුර අන්සතු වෙලා.....

පාළු මාවත අඳුරු සෙවනේ
සඳ දියෙන් සිත්තම් උනේ
අපේ ලොවමද ? අනේ පෙම්වත
කොහෙද කෝ නුඹ සෑඟවුනේ......

සිහින විජිතේ පෑතුම් විමනේ
පැතුමකින් සිත්තම් උනේ
අපේ ලොවමයි අසන් පෙම්වත
කොහෙද? කෝ නුඹ සෑඟවුනේ......

............බඩා.............................

1 comment:

  1. කඳුළක් බව ඔබ දන්නේ පෙරදාම...
    කරන්නට තිබ්බේ ඔබ මට කී දාම...
    අස්සයා ගියේ ඉස්තාලය ඇරලාම....
    කල්පයක් ඉන්ට තොට අමු කැවිලාද...


    .........සෑම්.........
    (උපුටා ගෑනීම සපුරා තහනම් ඕං...!)

    ReplyDelete