Monday, July 9, 2012

මගෙ හිත මලගම් ගියදා........

ප්‍රේමය වු කලී නුඹට, මට, අප හැමටම පොදු වු හැඟිමකි...මා ඇයට පෙම් කලාද..? නොකලාද..? යනවග අදත් මා පිලිතුරු නොදන්නා පැනයයි...කෙසේ වුවද ඇයට මා හට පෙරලා  පෙම් කල නොහකි බව පමනක් මම ඉඳුරාම දැන සිටියෙමි..... අවසානයේදී මා පෙම්වතෙක් විය...මගේ හදවත ඇගෙ පෙමින් ආතුර විය...නමුදු ආතුරවු සිත ප්‍රේමයෙන් සනහන්නට නුඹ නො එන බව මම දනිමි....ඉදින් මගෙ හිත මලගම් ගියදා........

මගෙ හිත මලගම් ගියදා........

මුළු නුවරම හැඬුවේ නැතිවා..
මගෙ හිත මලගම් ගියදා...
මා පමනයි ඒ වග දන්නේ..
දැනගත්තත් නුඹ නෑ එන්නේ.....

පාවඩ එල එල...
වැලි පොරි ඉහ ඉහ..
මල බෙර වැයෙනා හතර වටින්...
ඒ මලගම දා, උන් කවුරුත් නැත....
නුඹෙ රුව පෙනුනා වැටට පිටින්....

මල් හී සර වැද...
ලෙඩ වුනු මගෙ හිත...
අවසන් මොහොතෙත් මග බැලුවා...
මගෙ දුප්පත් හිත, උඹ දන්නෙ නැත...
ඈ හිත අන්සතු එහෙම පිටින්....

4 comments:

  1. තමන් ආදරය කරන තරම් අනෙක් කෙනාත් තමන්ට ආදරය කරන්න ඕන කියලා හිතනවනම් එතන නියම ආදරයක් තියෙනවද කියලා මම නිතරම මගෙන්ම අහනවා . ..

    මම කාට හරි ආදරේ කරනවානම් ආපහු මට එයාගෙන් ආදරේ ලැබුනත් එකයි නැතත් එකයි . . මගේ ආදරේ උපරිමයෙන් මගේ ලඟ තියෙනවා . . . එහෙම හිතුවාම කවදාවත් ආදරයක් මළගම් යන්නේ නෑ . ..

    කරුනාසේන ජයලත් මහත්තයාගේ "සතීගේ කතාව" කියවන්න . . මම කියන දේට සාක්කි එතන . . .

    ReplyDelete
  2. දුකා තුමා එසේ කියන කොට මට මෙහෙම දේවල් හිතෙනවා....
    1) අපිට එතුමා කියන විදියට ආදරය කරන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද කියලා.... ඇත්තටම ඒක හිතන්න ඕන දෙයක්...
    2) අපිට ඒ තත්ත්වයට පත්වන්න නම් අපි පොදු මනුෂ්යත්වයෙන් එහෙමත් නැත්නම් පොදු මිනිස් හැඟීම් දැනීම් වලින් කොච්චර නම් ඔබ්බට යන්න ඕනෙද ?

    ReplyDelete
  3. මේ ලොකයේ අදරයේ උපරිම රස සැගවී ඇත්තේ නොලැබෙන දෙයකට අදරය කිරීම තුල බව මා අත්දකීමෙන් විඳි සත්‍යයයි. ඒ ලෝකය තුල අපට නොලබෙන වස්තුවෙ අප දකින සූන්දරත්වයට වඩා එහා ගිය, අප ලන් නොවු ඉසව් මනසින් මැවිය හැක..නමුත් යතාර්ථය ඊට වඩා හත්පසින්ම වෙනස් වීමටද පුළුවන...කෙසේ උවද ලැබීම හෝ නොලැබීම ආදි වු මෙ සියල්ල හා බැඳිමෙන් අවසන දුක පමනක් පුදුමාකාර ලෙස ඉතිරි වී අති බව මා අද අත් වින්දින පරම සත්‍යයයි.

    ReplyDelete
  4. ඔබගේ ජීවන අත්දකීම් විවේචනය කිරීමට මා මින් බලාපොරොත්තු නොවන අතර මෙය මාගේ අදහසක් පමණි.....

    "සියළු බැඳිම් අවසන දුක පමණක් එතිරි වන බව" නම් මා ද පිළිගනිමි...... නමුත් නොලැබෙන ආදරයේ චිත්ත රූපයන් මැවීමට වඩා ප්‍රායෝගික ආදරයේ මැවූ චිත්ත රූපයන් ඔස්සේ පොර බැඳීම ඉතා සුන්දර වනු ඇතැයි යන්න මාගේ මතයයි......... මන්ද එය එකම අරමුණක් ඔස්සේ පොරබඳින දෙදෙනෙකුගේ ක්‍රියාවක් වන නිසාමය.....

    ReplyDelete